දෙක පූට්ටු කර අමතන්න (18+ නෙමෙයි)
දන්නවානේ ඉතින් නුවර බස් වහරයි දකුණු පලාතේ බස් වහරයි එකකට එකක් වෙනස් කියලා. ඉතින් අර ඉස්සර ඇස්. ඇල්. ටී එකට කට්ටිය ගන්න කාලේ දකුණු පළාතේ පොරක් ගියා ඇස්. ඇල්. ටී එකේ රස්සාවකට.
ඉස්සර ඉතින් ටේප් ප්ලේ කරේ සමහර දේවල් වලටනේ. දැන් ඉතින් නුවරින් කෝල් එකක් එනවා. අර අළුතින් 2ක් දාපු කාලේ අංකෙට. අන්න ඒ කාලේ. දැන් ඉතින් පොරට කියන්න ඕනේ අංකේ වැරදියි. අංක දෙක ඇතුලත් කර නැවත අමතන්න කියලා. ගමේ මිනිහනේ. ගමේ ක්‍රමේට කියනවා මෙහෙම.
"ඔබ දෙඩූ අංකය කෙප්පයකි, කරුණාකර දෙක පූට්ටු කර නැවත දොඩන්න"
තේරෙන්නේ නැති පොෂ් පොරවල්ලා ඉන්නවානම්
කෙප්පය = බොරුවක් (වැරැද්දක් කියලත් ඉතින් හිතමු)
දෙඩීම = කථා කිරීම
දෙක පූට්ටු කිරීම = අංක දෙක ඇතුලත් කිරීම
-------------------------------------------------------------------------------------------------
දන්න කියන ඇත්තෙක් ඉන්නවානම් මේකත් කියලා යන්න.
මේ පාර ඒ/ ඇල් උත්තර පත්තරේ බලන්න මහා ආචාර්ය වරුන් එන්නෙත් නැතිලු. ගුරුවරු එන්නෙත් නැතිලු. එතකොට පේපර් බලන්නේ හමුදාවෙන්ද?

ප්‍රශ්න පත්තර සීන් ඒකත් දෙක පුට්ටු වෙන එකක් තමා ...
ReplyDeleteනැතුව නැතුව...:)
Deleteමමත් පරණ හමුදා කාරයෙක් නිසා ලහිරු, හමුදාවෙන් උත්තර පත්තර බැලුවොත් වෙනදේ කියන්නද? උදේම ගිහින් බලනවා උත්තර පත්‍ර බැලීමේ මධ්‍යස්ථානය අතුගාලා ඩෙස්ක් පුටු හරියට හදලා තියනවද කියලා. නැත්නම් මධ්‍යස්ථාන නිලධාරියාට පැය බාගයක් අමතර සරඹ. උත්තර පත්‍ර බැලීමට බාර දීමේදී, 'සුබ උදෑසනක් වේවා තුමනි, උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා සියල්ල සූදානම් තුමනි' කියලා මධ්‍යස්ථාන භාර නිලධාරි සීරුවෙන් හිටගෙන ආචාර කරලා වාර්තා කරන්න ඕනේ. නැත්නම් තව පැය බාගයක් අමතර ඩ්‍රිල්. උත්තර පත්‍ර ඉතා පිරිසිදුවට තියෙන්න ඕනේ. මොනවා ලියලා තිබුනත්. අපිරිසිදු නම් ලකුණු නෑ. උත්තර පත්තර බලන අයට නොතේරෙන දෙයක් ලියලා තිබුනොත් ලකුණු බින්දුවයි. උත්තර පත්‍ර එකට ඇමිණීමේ දී 100% ක් ම නිවැරදිව එක මත එක කඩදාසි අමුණා තිබිය යුතුයි. මයික්‍රෝ මීටරයක්වත් වෙනස් වී තිබුනොත් ලකුණු නැත. සෑම උත්තර පත්රයකම විභාග අංකය, නම ලිපිනය ලියා, 'සුබ උදෑසනක් වේවා තුමනි, . . . . වන මම උත්තර ලියමි, මා බේරා ගැනීම ඔබට බාරයි තුමනි' කියා ලියා නොතිබුනොත් අපේක්ෂකයා ඉවරයි. :) :D :P
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
මේකටනම් හිනා වෙලා මැරෙන්න වෙන්නේ...
Deleteටෙන්ඩර් කැඳවලාලු පේපර් බලන්න. මම දැක්කා ගොසිප් සයිට් එකක.
ReplyDeleteහික්.
Deleteposh nam nehe... habayi theruneth nehe :P
ReplyDeleteඅනේ මන්දා... උඹ පොශ්ම තමා
Deleteදෙක පූට්ටු කිරීම එල !
ReplyDeleteහමුදාවටම දෙයි වැඩේ. මොකද එලවලුත් විකුනුවේ කාලයක් !
එක අතකින් ඒකත් අත්හදා බලයි වගේ
Deletehamudawatath dan oone wedak puluwan, udde....
ReplyDeleteනැතුව නැතුව. තව ටික කාලයකින් හෝටල් වලටත් හමුදාවෙන් දාලා උයයි
Deleteඅර ගමේ ගමේ කෙල්ලයි ටවුමේ කොල්ලයි බස් එකේ යද්දී දොඩන්නැත්තෙ ඇයි කියල අහන කතාවත් මේ වගේ එකක් නේ... (ඒක නම් කොහොමටත් 18+ නෙමේ..................)
ReplyDeleteඅර ඇයි අයියා දොඩන් නැත්තේ?
Deleteමේ අවාරෙනේ නංගී කථාවද? ඒකත් එල තමා
ඔව් ඔව්, ඒකත් මරු කතාවක් තමයි. මේ සැරේ ඩබල් බැච් අරන් වත් බේරෙන්න බැරි හැඩයි...
Delete:) :)
ReplyDelete