වින්ඩෝස් ක්‍රෑෂ් වීමට හේතු 10ක්.
![]() |
| http://randomoverload.net/wp-content/uploads/2011/03/537d3bd472death.jpg.jpg |
ඒ 10 තමා මේ.
- හාඩ්වෙයාර් සම්බන්ධ දෝෂ බොහෝ විට වින්ඩෝස් ක්‍රෑෂ් විමට බලපාන ප්‍රදානම හේතුවක් තමයි හාඩ්වෙයාර් අතර තියෙන නොගැලපීම්. ඒ වගේම ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් නොවීම. වැරදි ඩ්‍රයිවර් භාවිතය වගේ දේවල්. මෙහෙම ඩ්‍රයිවර්ස් හරියට නොගැලපුනාම ප්‍රශ්ණ එන්න හේතුව තමා IRQ කියන චැනල් වල නොගැලපීම. හැම ඩිවයිස් එකක්ම ඒකට අදාල වෙච්ච මේ ලිපිනයක් භාවිතා කරනවා. ඒත් ඩ්‍රයිවර්ස් වගේ දේවල් වල ප්‍රශ්ණ මතුවුනාම ඩිවයිස් 2ක් හෝ වැඩි ප්‍රමාණයක් එකම ලිපිනය භාවිතා කරන්න උත්සහ දැරීමෙන් තමයි බොහෝ විට මේ ප්‍රශ්ණ පැන නගින්නේ.
- BIOS වල දෝශ මේ වගේ දෝශ වල නිරාකරණය හරියටම කියන්න අමාරුයි. තියෙන හොඳම දේ තමා බයෝස් වලට පිවිසිලා ඩිෆෝල්ට් සෙටින්ග්ස් ලෝඩ් කරන්න කියලා කියන එක. ඒ වගේම බයෝස් වල IRQ නම්බර් හදන්න දීලා තියෙනවානම් ඒවා Auto mode එකට දාන්න. වින්ඩෝස් තුලදී හදන්න දෙන එක තමා නුවනට හුරු වැඩේ.
- වයිරස් අපි අහන්න කැමතිම නැති වචනයක් තමා පරිගණක වයිරස් කියන්නේ. මේවායින් බේරෙන්න ඉතින් මෙහෙම ලියලා හරියන්නේ නැහැ. වෙනම ලිපියක් ලියන්න වෙනවා. ඒත් හොදින් අප්ඩේට් කරන වයිරස් ගාඩ් එකක් භාවිතා කිරීමෙන් බොහෝමයක් වයිරස් වලින් බේරෙන්න පුළුවන්.
- මෘදුකාංග වින්ඩෝස් ක්‍රැෂ් වීමට බලපාන තවත් හේතුවක් තමා අසම්පූර්ණව ඉන්ස්ටෝල් වූ හෝ අන්ඉන්ස්ටෝල් කරන ලද මෘදුකාංග. ඒ වගේම සම්පූර්ණව ඉන්ස්ටෝල් වුනත් විවිධ හේතු නිසා හානියට ලක්වූ මෘදුකාංගත් මේ වගේ කරදර අපිට දෙනවා.
- ප්‍රින්ටර් ගොඩක් වෙලාවට දැන්නම් මේ කරදරය අඩුයි. ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර් භාවිතා කරන අය ඉන්නවානම් මේ කරදරය අත්විඳලා ඇති. මොනවා හරි ප්‍රින්ට් කරන්න දුන්නාම වින්ඩෝස් මැරිලා කියලා මැසේජ් එක වැටෙන එක. හොඳම වැඩේ තමා ස්ටක් වීමක් වගේ දෙයක් වුනොත් ප්‍රින්ට් වෙන්න දුන්න එක කැන්සල් කරන්න. ප්‍රින්ටර් එකේ කොල තියෙනවානම් අයින් කරලා ප්‍රින්ටර් එක ඕෆ් කරලා තත්පර 30ක් විතර ඉඳලා ආපහු ඔන් කරන්න. දැන් බලන්න අවුල හරිද කියලා. මේක වෙන්නේ ප්‍රින්ටර් එකට හදුනාගත නොහැකි අකුරු වගේ දේවල් ප්‍රින්ට් කරන්න යාමේදී. ප්‍රින්ටර් එක පරිගණකයෙන් ගලවලා ඔන් කිරීමෙනුත් සමහර දෝශ නිරාකරණය වෙනවා.
- ග්‍රැෆික් කාඩ් වල ප්‍රශ්ණ මේ වගේ දේවල් වෙන්නේ ග්‍රැෆික් කාඩ් එකේ කලර් ඩෙප්ත් එක නොගැලපෙන අගයන් වලට දුන්නාම. රෙසලුෂන් වැරදි අගයන්ගෙන් තැබුවාම වගේ දේවල් වලින්.
- හාඩ් ඩිස්කය පරිගණකයේ වැදගත්ම කොටසක්නේ හාඩ් ඩිස්කය කියන්නේ. ඉතින් මේක ලෙඩ දුන්නාම කරදර ගොඩයි.
- ඕවර් හීට් වීම ලේසියෙන්ම විසඳගන්න තියෙන ප්‍රශ්ණයක්. කල්ගත වුනාම ලෙඩක් වෙන්නත් පුළුවන්. ඒක නිසා පරිගණකය හේතුවක් නැතිව රී ස්ටාට් වෙනවානම්. ස්ටක් වෙනවානම් ෆෑන් එහෙම නියමිත අගයන් ගෙන් කැරකෙනවාද කියලා බලන්න. එහෙම නැතිනම් දුහුවිලි එහෙම සුද්ධ කරලා බලන්න හරියනවාද කියලා. ඒත් හරිගියේ නැතිනම් ෆෑන් අළුතින් දාන්න. තර්මල් පේස්ට් දැනට තියෙන ඒවා ඉවත් කරලා අළුතින් දාලා ෆෑන් හයිකරන්න. අමතර ෆෑන් එකක් යොදාගන්න. එතකොට මේ ප්‍රශ්ණ ගොඩක් දුරට සමනය වේවි.
- විදුලිය සම්බන්ධ ගැටලු මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පවර් සප්ලයි එකේ දෝශ. වැඩි කාලයක් දෝශ සහිත පවර් සප්ලයි එකක් බාවිතා කිරීම මදර්බෝර්ඩ් එක පවා පිලිස්සී යාමට හේතුවක් වෙන්න පුළුවන්. ඒක නිසා පවර් සප්ලයි එකේ දෝශයක් කියලා හිතෙනවානම් කාර්මික ශිල්පියෙක් ලවා පරීක්ෂා කරගන්න. දෝශ සහගතයි නම් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව අළුත් එකක් යොදන්න. (රිපෙයාර් කරන්න අමාරුයි කියනවානම්) මොකද පවර් සප්ලයි එකෙන් හානි වෙන්නේ කෙලින්ම පරිගණකයේ වැදගත්ම කොටස් වලට.
- රැම් මොඩියුල් රැම් කිව්වොත් ඉතින් පරිගණක බාවිතා කරන හැම දෙනාටම ලෙඩ දෙන කෙනෙක්නේ. රැම් එකේ ප්‍රශ්ණයන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නේ නොගැලපෙන ස්පීස් සහිත රැම් භාවිතය. උදාහරණයක් විදියට 333mhz මදර්බෝර්ඩ් එකකට 400mhz රැම් එකක් භාවිතා කිරීමෙන් හිතාගන්න බැරි ප්‍රශ්ණ එන්න ඉඩ තියෙනවා. ඒක නිසා රැම් එකක් තෝරාගැනීමේදී තමන්ගේ මදර්බෝර්ඩ් එකට ගැලපෙන රැම් එකක් තෝරාගන්න.
මේ විදිහේ IRQ ප්‍රශ්ණයක් තියෙනවාද කියලා බලාගන්න මේ ක්‍රමය අනුගමනය කරන්න.
Start>Right click on "My Computer"> Manage> Click on "Device Manager" > මෙනු බාර් එකේ View කියන තැනින් Resources by Type කියන එක ක්ලික් කරන්න. එතකොට එන තැනින් IRQ කියලා සදහන් වෙලා තියෙන එක එක්ස්පෑන්ඩ් කරලා බලාගන්න පුළුවන් IRQ අගයන් සමාන ඩිවයිස් තියෙනවාද කියලා. එහෙම තියෙනවානම් ඒ ඩ්‍රයිවර් දෙකම අන්ඉන්ස්ටෝල් කරලා නැවත ඉන්ස්ටෝල් කරන්න.
එතකොට ප්‍රශ්ණය බොහෝ දුරට සමනය වෙයි. මේ වගේ දෝශ නැවතත් නොඑන්න, තමන්ගේ ඩ්‍රයිවර් හරියට අප්ඩේට් කරලා තියෙන එක වටිනවා. මට නම් ඩ්‍රයිවර් හොයාගන්න උපකාරී වෙන්නේ
http://www.driverguide.com/
කියන වෙබ් අඩවිය. බුක් මාර්ක් කරලා තියාගන්න. වැදගත් වේවි.
බයෝස් සෙටින්ග්ස් සේව් වෙන්නේ නැතිනම් බයෝස් වලට අදාල CMOS බැටරිය මාරු කරලා බලන එක තමා තියෙන්නේ.
ඒත් වැඩිය පරිගණක ගැන දන්නේ නැතිනම් බයෝස් අතපත ගාන්න යන එක නුවණට හුරු නැහැ.
තව රෙස්කියු ඩිස්ක් එකක් භාවිතා කරලත් වයිරස් උවදුරෙන් බේරෙන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව්ස් වගේම නොදන්න ඊ මේල් ඇටෑච්මන්ට් වගේ දේවල් විවෘත කරද්දිත් අවධානෙන් සිටීම වැදගත්.
ඒ වගේම පෙන් ඩ්‍රයිව් ඕපන් කරද්දී ඩබල් ක්ලික් කරලා ඕපන් කිරීම එච්චර නුවණට හුරු නැහැ. හොඳම දේ තමා Explorer බාර් එක භාවිතා කරලා ඕපන් කරන එක.
මොකක් හරි මෘදුකාංගයක් ඉවත් කරලා ලෙඩ දෙනවානම් මුලින්ම රෙජිස්ට්‍රිය ක්ලීන් කරලා බලන්න. ඒක කරගන්න ලේසියෙන්ම පුළුවන් CCleaner මෘදුකාංගය භාවිතා කරලා.
ඒ වගේම මේ වැඩෙන් හරිගියේ නැතිනම් වින්ඩෝස් Restore කරලා බලන්නත් පුළුවන්. ඒ වගේම Safe mode එකෙන් ඇවිත් සමහර දේවල් නිරාකරණය කරගන්නත් පුළුවන් වෙයි. ඒ වගේම අන්ඉන්ස්ටෝල් කිරීම සදහා භාවිතා කරන මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් වුනත් සම්පූර්ණ අන්ඉන්ස්ටෝල් කිරීමක් කරගන්න අපිට පුළුවන්.
Start>Settings>Control Panel>Display>Settings
වලින් බලන්න වැරදි නොගැලපෙන් අගයන්ගෙන් තියෙනවාද කියලා. දැනට තියෙන අගයට වඩා අඩු අගයකට දාලා බලන්න වැඩ කරනවාද කියලා.
ඒ වගේම Refresh rate එක වැඩි අගයක් වීමෙන් මොනිටර් එකේ hz? වගේ දෙයක් පෙන්වන්න පුළුවන්. එවිට කරන්න තියෙන හොඳම දේ තමා සේෆ් මොඩ් එකෙන් ඇවිත් අදාල අගය තියෙන අගයට වඩා පහල අගයකට දාලා බලන එක.
ඒ වගේම කලින් කිව්ව විදියට ඩ්‍රයිවර් වල ප්‍රශ්ණත් බලපානවා.
හාඩ් එකේ තැනින් තැන යද්දී ෆ්‍රීස් වෙනවා වගේ නම් මුලින්ම කරන්න තියෙන දේ තමා හාඩ් එක ඩිෆ්රැග් කරලා බලන එක. මම ඒකට පාවිච්චි කරන මෘදුකාංගය තමා
ගොඩක්ම හොඳින් අපට අවශ්‍ය කාර්යය ඉටු කරලා දෙන මෘදුකාංගයක් තමා මේ.
ඒ වගේම හාඩ් එකේ හැම පාටිෂන් එකකම අවම වශයෙන් ප්‍රමාණයෙන් 10%ක් වත් හිස් ඉඩ තබා ගැනීම වැදගත් එවිට උපරිම කාර්යක්ෂමතාවයකින් හාඩ් ඩිස්කයේ වැඩ කරගන්න පුළුවන්.
ඒ වගේම රි සයිකල් බින් එකෙන් අනව්‍ය සියල්ල මකලා ඉවත් කරන්න.
ඒ වගේම 3pin පවර් කනෙක්ටර් එකක් භාවිතය වගේම නිවැරදිව ගෙදර අර්ත් ක්‍රියාවලිය සිදුවීමත් වැදගත්. UPS එකක් භාවිතා කිරීම ඉතාම නුවණට හුරු ක්‍රියාවලියක්.
මෙන්න මෙතනින් තමන්ගේ පරිගණකය වඩාත්ම ගැලපෙන රැම් මොඩියුල් තෝරගන්න වගේම මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. පොඩි ටූල් එකක් දෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා රන් කරන්න විතරයි තියෙන්නේ.
මම හිතනවා දැන් පරිගණයේ ක්‍රැෂ් වීමට අදාලව යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ප්‍රශ්ණ වගේම අදහසුත් කොමන්ටු මගින් ලබාදෙන්න අමතක කරන්න එපා.

thnks ..
ReplyDeletechathu
You are welcome :D
Deleteවැදගත් ලිපියක් සහෝදරයා..
ReplyDeleteගොඩාක් අය හිතාගෙන ඉන්නේ රැම් එකේ කේස් එකක් ආවහම විතරයි ඕක වෙන්නේ කියලා. ඊට අමතරව තවත් දේවල් ගොඩක් තියනවා කියලා පෙන්නලා දුන්න එකට බොහෝම ස්තුතියි.
ඇත්තෙන්ම තරංග මෙතන තියෙන්නෙත් හේතු ඉතාම පොඩ්ඩයි. 10ක් කියන්නේ වෙන්න පුළුවන් හේතු වලින් නොගිනිය හැකි ප්‍රමාණයක්. බොහොම ස්තූතියි කොමන්ටුවට. ඉදිරියටත් මෙවැනි ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් යන හැම තැනට නෝට් බුක් එක සාක්කුවේ 10යේ ගොඩවල් ලියාගන්න. 10ගොඩක් පිරුණ ගමන් ලියන්නම්.
DeleteThanx Bro...........
ReplyDeleteWelcome
Deleteමේ ලිපිය මට ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි සහෝ..
ReplyDeleteඔබගේ ස්තූතිය සාදරයෙන් පිලිගන්නවා. මේ එහෙම නේද වල්කම් එකට කියන්නේ
DeleteThanx machan
ReplyDeletewelcome
Deleteඔයාගේ ලිපියෙන් මට තිබුන අවුල් ගොඩක් ලිහුනා ස්තුතියි සහෝ !!
ReplyDeleteඑහෙනම් ඒක මට ලොකු සතුටක්. කොමන්ටුවට ස්තූතියි
Deleteඇත්තටම ගොඩක් වැදගත් ලිපියක් thnxx bro
ReplyDeleteස්තූතියි කොමන්ටුවට
Deleteelaaaaaaaaaa
ReplyDeleteස්තූතියි සහෝ...
Delete