WAMP මත Joomla install කරමු
යාළුවෙක්ගේ ඉල්ලීමක ලියන පෝස්ට් එකක් තමා මේ. මම මේ පෝස්ට් එකේදී කියලා දෙන්න යන්නේ වෑම්ප් සර්වර් මත ඉඳලා ජූම්ලා කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ජූමිලා කියන්නේ ලෝක ප්‍රසිද්ධ CMS,(Content management system) එකක්. Wordpress වගේ දෙයක්. හැබැයි බ්ලොග් එකක් කරගන්න නම් ජූමිලා නොමිලේ ඉඩ ලබාදෙන්නේ නැහැ.
මුලින්ම වෑම්ප් සර්වර් වැඩසටහන භාගත කරගන්න
http://www.wampserver.com/en/#download-wrapper
මෙතනින් තමන්ට ගැලපෙන සංස්කරණය තෝරගන්න. දැනටමත් වෑම්ප් සර්වර් තියෙනවානම් ප්‍රශ්ණයක් නැහැ. සෑම්ප් භාවිතා කරන අයට වුනත් ඒක භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්. මම වෑම්ප් ඇතුලත් කරන විදිය සරලව පෙන්නලා දෙන්නම්.
මම භාගත කලේ නැහැ. තිබුන වර්ශන් එකක් තමා යොදාගන්නේ. වෑම්ප් 2 කියන සංස්කරණය. මේක ඉන්ස්ටෝල් කරන්න ගියාම මේ විදියේ තිරයක් තමා ලැබෙන්නේ
මෙය Next කරගෙන යන්න. මීලඟට එන්නේ EULA වින්ඩෝව. එයත් ස්ථිර කරන්න. මෙහෙම ඉදිරියට යද්දී මෙවැනි වින්ඩෝවක් එයි.
මෙතනින් ඉන්ස්ටෝල් වෙන්න අවශ්‍ය තැන තෝරන්න. මම කියන්නේ මේහෙම තිබුනත් කිසිම ප්‍රශ්ණයක් නැහැ. ලේසියි වැඩකරගෙන යන්න.
දැන් වෑම්ප් ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ මෙහෙම වින්ඩෝවක් ලැබෙයි.
එයත් Unblock කරන්න. සමහර විට මේ වින්ඩෝව පරිගණකය මත වෙනස් වන නිසා නොලැබේවී.
දැන් ඉතින් තියෙන්නේ Joomla වල වැඩ.

Joomla නිල වෙබ් අඩවියෙන් ( www.joomla.org ) පැකේජ් එක භාගත කරගන්න. මම ගන්නේ තරමක් පැරණි සංස්කරණයක්. හේතුව වෙන්නේ අළුත්ම සංස්කරණයට සමහර තීම්ස් ආදිය නොගැලපීම.
මේ විදියට මම Joomla භාගත කරනගන්නවා. කරගත්ත පැකේජය මගේ C:/wamp/www කියන තැනින් පේස්ට් කරලා ඒක Extract කරගන්නවා.
ඊට පස්සේ මේක Joomla කියලා රී නේම් කරගන්න. දැන් මේ වැඩ ඉවරයි.
තමන්ගේ ඩිෆෝල්ට් බ්‍රව්සර් එක විවෘත කරගෙන ඒකේ http://localhost/ කියලා ටයිප් කරන්න. එතනින් එන මේ වගේ පිටුවේ යට කොටසේ ඇති PhpMyAdmin කියන ලින්ක් එක සහ Joomla යන ලින්ක් දෙකම විවෘත කරගන්න.
ජූම්ලා පිටුවේ මෙන්න මේ විදියට එයි. ඒක Next කරන්න. තමන්ට අවශ්‍ය භාෂාව තොරගන්න පුළුවන්.
තමන්ගේ සර්වර් එකේ වැරැද්දක් තියෙනවානම් මෙතනින් පෙන්නුම් කරයි.
දැන් ලැබෙන්නේ Joomla EULA ඒක Next කරන්න. කැමති අය කියවන්න.
ඊට පස්සේ ලැබෙයි
මේ පිටුව. දැන් අර විවෘත කරගත්ත Phpmyadmin එකට ගිහින් Joomla කියලා අළුතින් ඩේටාබේස් එකක් හදන්න. ඒක ඇතුලේ Table prefix කියලා දීල තියෙන නමින් ටේබල් එකකුත් හදන්න.
දැන් ගැලපෙන යූසර්නේම් පාස්වර්ඩ් ලබාදෙන්න. ඒක අවශ්‍ය වෙන්නේ මයි ඇඩ්මින් එකේ යූසර්නේම් හා පාස්වර්ඩ් අපි අර හදපු ඩේටාබේස් එකට.
දැන් සියල්ල නිවරදිව කරලා Next කලානම් මේ විදියේ දෙයක් එයි. මම මෙතන වෙනස්කම් සිදුකරන්නේ නැහැ. මගේ පරිගණකයේ හදන නිසා.
ඊට පස්සේ ලැබෙන්නේ මේ පිටුව
එතනින් තමන්ට අවශ්‍ය යූසර්නේම් පාස්වර්ඩ් දීලා සාම්පල් ඩේටාත් ඉන්ස්ටෝල් කරගෙන Next කරන්න. දැන් මේ විදියට පිටුවක් ආවානම් ඔයා සාර්ථක වෙලා.
එතනින් Installation Folder එක මකන්න. දැන් සයිට් කියන තැනින් ජූම්ලා සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකට යන්නත්, ඇඩ්මින් කියන තැනින් බැක් එන්ඩ් එකට යන්නත් පුළුවන්. ඇඩ්මින් තැන බුක්මාක් කරගන්න.
අදට එහෙමනම් මේ ටික ඇති. මේකට ලැබෙන කොමන්ට් අනුව මම ඉඳිරියටත් ජූම්ලා ගැන ලියන එක නොලියන එක ගැන තීරණය කරනවා.
ඇඩ්මින් ලොග් වෙන්නේ මෙතනින්
http://localhost/joomla/administrator/
වෙබ් සයිට් එක මෙහෙමයි
http://localhost/joomla/
මුලින්ම වෑම්ප් සර්වර් වැඩසටහන භාගත කරගන්න
http://www.wampserver.com/en/#download-wrapper
මෙතනින් තමන්ට ගැලපෙන සංස්කරණය තෝරගන්න. දැනටමත් වෑම්ප් සර්වර් තියෙනවානම් ප්‍රශ්ණයක් නැහැ. සෑම්ප් භාවිතා කරන අයට වුනත් ඒක භාවිතා කරලා වැඩේ කරගන්න පුළුවන්. මම වෑම්ප් ඇතුලත් කරන විදිය සරලව පෙන්නලා දෙන්නම්.
Yes යන්න ක්ලික් කරලා යන්න. පරණ වර්ශන් එකක් තියෙනවානම් මේකේ කියලා තියෙන උපදෙස් පිලිපදින්න.
දැන් ඉතින් තියෙන්නේ Joomla වල වැඩ.

තමන්ගේ ඩිෆෝල්ට් බ්‍රව්සර් එක විවෘත කරගෙන ඒකේ http://localhost/ කියලා ටයිප් කරන්න. එතනින් එන මේ වගේ පිටුවේ යට කොටසේ ඇති PhpMyAdmin කියන ලින්ක් එක සහ Joomla යන ලින්ක් දෙකම විවෘත කරගන්න.
ජූම්ලා පිටුවේ මෙන්න මේ විදියට එයි. ඒක Next කරන්න. තමන්ට අවශ්‍ය භාෂාව තොරගන්න පුළුවන්.
තමන්ගේ සර්වර් එකේ වැරැද්දක් තියෙනවානම් මෙතනින් පෙන්නුම් කරයි.
දැන් ලැබෙන්නේ Joomla EULA ඒක Next කරන්න. කැමති අය කියවන්න.
ඊට පස්සේ ලැබෙයි
මේ පිටුව. දැන් අර විවෘත කරගත්ත Phpmyadmin එකට ගිහින් Joomla කියලා අළුතින් ඩේටාබේස් එකක් හදන්න. ඒක ඇතුලේ Table prefix කියලා දීල තියෙන නමින් ටේබල් එකකුත් හදන්න.
දැන් ගැලපෙන යූසර්නේම් පාස්වර්ඩ් ලබාදෙන්න. ඒක අවශ්‍ය වෙන්නේ මයි ඇඩ්මින් එකේ යූසර්නේම් හා පාස්වර්ඩ් අපි අර හදපු ඩේටාබේස් එකට.
දැන් සියල්ල නිවරදිව කරලා Next කලානම් මේ විදියේ දෙයක් එයි. මම මෙතන වෙනස්කම් සිදුකරන්නේ නැහැ. මගේ පරිගණකයේ හදන නිසා.
ඊට පස්සේ ලැබෙන්නේ මේ පිටුව
එතනින් තමන්ට අවශ්‍ය යූසර්නේම් පාස්වර්ඩ් දීලා සාම්පල් ඩේටාත් ඉන්ස්ටෝල් කරගෙන Next කරන්න. දැන් මේ විදියට පිටුවක් ආවානම් ඔයා සාර්ථක වෙලා.
එතනින් Installation Folder එක මකන්න. දැන් සයිට් කියන තැනින් ජූම්ලා සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකට යන්නත්, ඇඩ්මින් කියන තැනින් බැක් එන්ඩ් එකට යන්නත් පුළුවන්. ඇඩ්මින් තැන බුක්මාක් කරගන්න.අදට එහෙමනම් මේ ටික ඇති. මේකට ලැබෙන කොමන්ට් අනුව මම ඉඳිරියටත් ජූම්ලා ගැන ලියන එක නොලියන එක ගැන තීරණය කරනවා.
ඇඩ්මින් ලොග් වෙන්නේ මෙතනින්
http://localhost/joomla/administrator/
වෙබ් සයිට් එක මෙහෙමයි
http://localhost/joomla/

හොද පොස්ට් එකක් , කොහොම කිවත් තවම ලොකල් හොස්ට් එක එක්ක වැඩ් කරන්න දන්නෙ නැති අය ඉන්නව . හොද අත්වැලක් එ අයට
ReplyDeleteබොහොම ස්තූතියි @ඇස. ලෝකල් හොස්ට් එක ගැන දිග විස්තරයක් කලා නම් හොඳයි. හදිස්සියෙන් ලියපු පෝස්ටුවක්නේ. ඒකයි මේ ටිකක් විතර අවුල්.
Deleteniyama lipiyak bro digatama liyanna
ReplyDeleteස්තූතියි. මම දිගටම ලියන්න හිතාගත්තා
Deleteදිගටම ලියන්න බොහෝ දෙනෙකුට ජූම්ලා ගැන දැන ගන්න විදිහක් නෑ. සරලව ලියන්න. ජූම්ලා වල ක්‍රියාකාරකම් සියල්ලක්ම වගේ ලියන්න පුළුවන්නම් අගය කියල නිම කරන්න බෑ.
ReplyDeleteජය වේවා.
ස්තූතියි.
Deleteමේකනම් ගොඩක් වටිනා post එකක් ඊලග එක එනකන් බලන් ඉන්නව
ReplyDeleteඔව් ඊලඟ පෝස්ටුවක් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ
Deleteනියමයි මචාන් මමත් මේ හොය හොය හිටියෙ...thanx
ReplyDeleteස්තූතියි
Deleteදිගටම joomla ගැන ලියනවනමි එල
ReplyDeleteබලමු.
Delete